Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Thursday, October 27, 2016

ඔබේ නිවස වටා ලූණු ස්වල්පයක් ඉසින්න - ලැබෙන ප‍්‍රතිපල ඔබේ ජිවිතයේ වැඩ කටයුතු පහසු කරාවි

අපි අද කතා කරන්න යන්නේ කොයි ගෙදරකත් තියෙන කවුරුත් පාවිච්චි කරන ලූණු ගැනයි. ලෝකය පුරා තියෙන රටවල් දෙසිය ගානෙන් ලූණු පාවිච්චි නොකරන කිසිම රටක් නැහැ. ඒ තරමට හැම තැනම ලූණු පාවිච්චිය පැතිරිලා තියෙනවා. හැබැයි බොහෝ තැන් වල ලූණු පාවිච්චි වෙන්නේ ආහාර රසවත් කරන්නයි. ආහාර කල් තියා ගන්නයි විතරයි. නමුත් ලූණු වලින් ගන්න පුළුවන් ප‍්‍රයෝජන බොහොමයි.

ලූණු ආහාර කල් තියා ගන්න පාවිච්චි වෙන්න ප‍්‍රධාන හේතුව තමයි එයින් විෂබීජ විනාශ වෙන එක. මේ නිසාම දීර්ඝ කාලයක් තිස්සේ ලූණු ගෙවල් දොරවල් වල පිරිසිදුභාවය රැක ගන්නත් පාවිච්චියට ගැනෙනවා. ලූණු වල අනිත් පිරිසිදු කරන දියර වල වගේ කිසිම විෂ වර්ගයක් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ විදිහට ලූණු පාවිච්චි කරලා ගෙදර වැඩ පහසු කර ගන්න පුළුවන් ක‍්‍රම කිහිපයක්. නිකමට කරලා බලන්නකෝ මේ දේවල් මොන තරම් සාර්ථකද කියලා.

කූඹින්ගෙන් ආරක්ෂා වීම
අපිට තියෙන ලොකුම ප‍්‍රශ්න වලින් එකක් තමයි කූඹින්ගෙන් කෑම ආරක්ෂා කර ගන්න එක. වතුර පුරවපු බේසමක හරි කකුල් වලට වතුර දාපු පීරිසි තියපු මේසෙක හරි තිබ්බේ නැත්නම් කෑම ජාති කූඹින්ගෙන් බේර ගන්න එක හරිම අමාරු වැඩක්. නමුත් මේකට විසඳුමක් විදිහට ලූණු පාවිච්චි කරන්න පුළුවන්.  ඕනෑම කෑම භාජනයක් වටේට ලූණු වටයක් ඉහලා බලන්න. කූඹි එන එක නවතිනවා. මේකට හේතුව ලූණු වලින් කූඹි විජලනය වෙන එකයි.

ලෝහ ඔප දැමීම
ලෝහ වලින් හදපු පිත්තල පහන්  රිදී හැඳි වගේ දේවල් ටිකක් කල් යද්දී පාට අඩු වෙලා දුර්වර්ණ වෙනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් රසායන ද‍්‍රව්‍ය එහෙමත් තියෙනවා. හැබැයි ලේසිම වැඬේ තමයි ලූණු පාවිච්චි කරන එක. ලූණුයි විනාකිරියි මිශ‍්‍ර කරලා හදපු පේස්ට් එකක් රෙදි කෑල්ලකින් අරගෙන මේ ලෝහ භාණ්ඩ පිහ දාල බලන්න. ඉතා හොඳින් දීප්තිය මතු වෙනවා.

වීදුරු පිස දැමීම
වීදුරු සහ කන්නාඩි වල තියෙන ඉවත් නොවන පැල්ලම් ලේසියෙන් අයින් කර ගන්නත් ලූණු වලින් පුළුවන්. මේ සඳහා භාජනයකට උණු වතුර අරගෙන ලූණු පුළුවන් තරම් දිය කරලා ස්පොන්ජ් එකක් අරගෙන වීදුරු පිහ දාල බලන්න. ඉක්මනින්ම දීප්තියක් ලැබෙනවා වගේම කාලයක් යන තුරු ආයෙත් පැල්ලම් ඇති වෙන එක පවා වලකිනවා.

සින්ක් වල අවහිර ඉවත් කිරීම
සින්ක් වල වතුර බැහැලා යන බටය හිර වෙන ප‍්‍රශ්නේ අපි කාටත් එනවා. නමුත් මේ කරදරේටත් ලූණු වලින් විසඳුමක් ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ උතුරන වතුරේ ලූණු දිය කරලා උණුවෙන්ම සින්ක් එකේ සිදුරට හලන එක. ලේසියෙන්ම ඇතුලේ පැටලිලා තියෙන කෙස් සහ කුණු තට්ටු ගැලවිලා ගිහින් සින්ක් බටයේ අවහිරය ඉවත් වේවි. තියෙන දුර්ගන්ධය පවා නැති වෙලා යනවා.

හම ලස්සන කර ගන්න
ලූණු කුඩුයි, ලැවෙන්ඩර් තෙලූයි මිශ‍්‍ර කරලා ඉතා හොඳ ස්ක‍්‍රබ් එකක් හදා ගන්න පුළුවන්. ඔබේ සම මතුපිට එකතු වෙන මැරුණු සම ඉවත් කරලා කුණු දුවිලි සහ තෙල් තට්ටුව ඉවත් කර ගන්න මෙය ඉතා හොඳයි. ලූණු වලින් සමේ කූප විවෘත වුණාම ලැවෙන්ඩර් තෙල් ටික හොඳින් උරා ගැනීම නිසා හම එල්ලා වැටෙන එක නැවතිලා නිරෝගී වෙනවා. මේ වැඬේ නිතර කලොත් ලස්සන සමකට හිමිකම් කියන්න ඔබට ඉතා පහසුවෙන් පුළුවන් වේවි.

දත් සුදු කර ගැනීම සහ මුඛ සෞඛ්‍යය රැක ගැනීම
ඔබේ දත් සුදු කර ගන්න පහසුම ක‍්‍රමය තමයි බේකින් සෝඩා හා ලූණු මිශ‍්‍රණයකින් දත් මදින එක. මේකෙන් ඔබේ දත් වල තියෙන කහට සේරම ඉවත් වෙලා එක පාරින් සුදු වෙනවා. ඒ වගේම නිතර ලූණු වතුරෙන් කට හේදුවාම උගුරේ ආසාදන එහෙමත් අඩු කර ගන්න පුළුවන්.

දත් කැක්කුම අඩු කර ගැනීම
දත් කැක්කුම් තරම් අපහසු වේදනාවක් තවත් නැති තරම්. ගොඩක් වෙලාවට දත් කැක්කුම එන්නේ රෑට නිසා බෙහෙතක් හොයන්නත් අපහසුයි. ඒත් ලූණු මිශ‍්‍ර උණු වතුර කටේ පුරවාගෙන විනාඩි 2ක් විතර ඉඳලා බලන්න දත් කැක්කුම නිකන්ම අඩු වෙලා යන හැටි. දිගටම වේදනා දෙන උෂ්ණ ගෙඩි තියෙනකොටත් මේ වැඬේ කරලා සහනයක් ගන්න පුළුවන්.

රෙදි වේලන එක
වාසනාවට ලංකාවේ නම් හිරු එලිය අඩු නැතිව තියෙනවා. ඒත් සීත කාලෙට වෙන රටවල් ලොකු වදයක් විඳිනවා රෙදි වේලා ගන්නකොට රෙදි ඇකිලෙන නිසා. මේ සඳහා විසඳුමක් විදිහට රෙදි වල සබන් ගියාට පස්සේ ලූණු වතුරෙන් හෝදන්න පුළුවන්. එතකොට රෙදි ඇකිලෙන එක නවතිනවා. කන්න විතරක් පාවිච්චි කරන ලූණු වලින් මොන තරම් ප‍්‍රයෝජන ගන්න පුළුවන්ද නේද? මේ කියපු හැම වැඩක්ම කර ගන්න නිෂ්පාදන  ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒ සේරම වැඩ ටික මිලෙන් හරිම අඩු ලූණු වලින් පහසුවෙන්ම කර ගන්න පුළුවන්.


0 comments:

Post a Comment