Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Wednesday, October 12, 2016

මහනුවර කැප්පෙටියාවේ කාණුවක් කපද්දී අභිරහස් උමගක් මතුවෙයි



මහනුවර කැප්පෙටියාවේ කාණුවක් කපද්දී
අභිරහස් උමගක් මතුවෙයි

මහනුවර පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලපිටිය කැප්පෙට්ටියාව ගමෙහි ජල නළ එළීම සඳහා කානු කපමින් සිටි ගම්වැසියන් හට පෙරේදා (9දා) අබිරහස් උමඟක් හමු වී තිබේ.
කැප්පෙට්ටියාව ගම්මානයට නළ ජලය ලබාගැනීම සඳහා එම ගම්වැසියන් කානු හාරමින් සිටියදී එකවරම පස් කුට්ටියක් ගැලවී ගොස් මේ උමඟ මතුව තිබේ.
මේ උමඟ අඩි තිහක් පමණ දුරකට ඇතැයිද එහි පුද්ගලයකුට අපහසුවකින් තොරව ගමන් කිරීමට හැකි යැයිද
උමඟට බැස ඇති පිරිස් පැවැසූහ.
මේ පිළිබඳව එම ගම්වැසියන්ගෙන් තොරතුරු විමසීමේදී ඩී.එම්. ජයකොඩි අප සමඟ කියා සිටියේ අපි කීප දෙනෙක් උමඟ ඇතුළට බැස්සා. අඩි 30ක් විතර දුරකට උමඟ තියෙනවා. කෙනකුට හිටගෙන ඇවිද යන්න පුළුවන්. දිගටම ඇවිද යන්න අමාරුයි. තද කළුවර හා අධික රස්නයක් ඇතුළේ තියෙනවා. හුස්ම ගන්නත් අමාරුයි. උමඟ වටේ ගල් බැම්මක් වගේ දකින්න පුළුවන්. උමඟ ඇතුළේ කිසිවක් දකින්නට නම් තිබුණේ නෑ. ඇතුළට වතුර කාන්දුවක් හෝ පස් සෝදා යෑමක් දක්නට නෑ. මතුපිට පස් තට්ටුව අඩි දෙකකට වඩා නෑ වගේ පේන්නේ.
කැප්පෙට්ටියාව ගමේ පදිංචි වයස අවුරුදු 82ක් වූ දිසානායක මුදියන්සේ මෙසේ පැවැසීය.
අපි මේ ගමට ඇවිත් අවුරුදු 50කට වැඩියි. මේ වගේ උමඟක් පිළිබඳව මීට පෙර අහලා නෑ. මේ ප්‍රදේශය ආශ්‍රිතව නටබුන් මොනවත් දකින්නවත් නෑ. අවුරුදු පනහකට විතර පෙර මේවා මහා වනාන්තර. අපි ඇවිත් තමා මේ ගම්බිම් එළි පෙහෙළි කෙළේය.

කැප්පෙට්ටියාව ඩී.එම්. රේණුකා (36) මහත්මිය පැවැසූවේ මෙතැන සිට ටිකක් එහා පැත්තේ තියෙනවා හෙණ ගැහුවළ කියලා තැනක්. එතැන විශාල වළක් තියෙනවා. දැන් කැලයෙන් වැහිලා. එතැනට එහෙම කියන්නේ ඇයිද දන්නේ නෑ. ගමේ හැමෝම කියන්නේ එහෙමයි.

ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණයේදී මයිලපිටියට නුදුරු වාගොල්ල නම් ස්ථානයේදී සිංහලයන් හා යුද වැදුණු බවත් වාගොල්ලේ රණකාමීන් සැඟව සිට ඉංග්‍රීසීන්ට පහරදුන් බවත් ජනප්‍රවාදවල දැක්වේ. ඒ අනුව යම් රණකාමියෙක් මේ ස්ථානයේ රැකවරණය ලබන්නට ඇතැයි ද සිතිය හැකිය.
කැප්පෙට්ටියාව ගම්වාසීන් විසින් තලාතුඔය පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන්ද මේ පිළිබඳ දැනුවත් කර තිබේ.

හන්තාන - චමින්ද කුමාර, මහනුවර-කමල් සුරවීර

වීඩියෝව නරබන්න 
http://raterahas.blogspot.com/2016/10/ancient-tunnel-found-in-kandy-raja.html

0 comments:

Post a Comment