Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 24, 2016

දහදිය දුගද නිට්ටාවටම නැතිකරන අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න

ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටකි. එම නිසා ලාංකික අපට හිරුගේ බලපෑම දැඩිව දැනෙන නිසා අධිකව දහදිය දමයි. දහදිය දැමීම ස්වාභාවිකය. නමුදු ඇතැමකුට දහදිය දැමීම ප්‍රශ්නයකි. එයට හේතුව දහදිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීමය.


මෙම තත්ත්වය අසහනකාරී අද්දැකීමක් වන්නේ තමන්ට වඩා අවට සිටින අයට දහදිය දුගඳ ඉවසා සිටීමට නොහැකි බැවිනි. කාන්තා - පිරිමි භේදයකින් තොරව සැමටම දහදිය දමයි. නමුත් අස්වාභාවික ලෙස දහදිය දුගඳ වීමට විවිධ වූ හේතු බලපානු ලබයි.

ශාරීරික උෂ්ණත්වය වැඩිවීම, මලබද්ධය හා ඔසප් වීමද දහදිය දුගඳට හේතු වේ. මලබද්ධය පවතින විට මල පිට නොවී ශරීරය තුළ එක් රැස්වීම නිසාද ඔසප් වීමේදී සිදු වන හෝර්මෝන විපර්යාසයද දහදිය දුගඳින් යුක්ත වෙයි. එම නිසා මලබද්ධය පවතී නම් මලබද්ධය දුරු කර ගැනීම පිණිස ගස්ලබු, ඛෙලි වැනි පලතුරු නිතර ආහාරයට ගැනීමටද, වතුර අවශ්‍ය ප්‍රමාණයට පානයද කළ යුතුය. ඔසප් පවතින දිනවලදී අන් දිනවලට වඩා පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත් වීමද වැදගත් වෙයි.

දහදිය දුගඳ සඳහා අද තරුණ තරුණියෝන් බොහෝ විට ඩියොඩ්රන්ට් නමැති දුගඳ නසන ආලේපන භාවිත කරති. ඩියොඩ්රන්ට් ආලේපන මගින් තාවකාලික දහදිය දුගඳ දුරු කර සිරුර සුවඳවත් කරයි. නමුත් ඒ ඉමිහිරි සුවඳට හොර රහසේ අහිතකර රසායන ද්‍රව්‍ය රාශියක් මිනිස් සිරුරට ඇතුළු කරනවා.

ස්වාභාවිකව සාදා ගත හැකි දුගඳ හරන ආලේපන තුළින් ඉතාමත් කෙටි කලකදී සම්පූර්ණයෙන්ම ඔබට දහදිය දුගඳින් මිදිය හැකිය.

ආලේපනය - 1

• අරළු කුඩු
• ලොත් සුඹුල් කුඩු
• කොහොඹ කොළ කුඩු
• රුක්අත්තන පොතු කුඩු
• දෙළුම් පොතු කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

ආලේපනය - 2

• සුදු හඳුන් කුඩු
• සැවැන්දරා මුල් කුඩු
• අගිල් කුඩු
• නාමල් රේණු
• වෙනිවැල්ගැට කුඩු
සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

මෙම දුගඳ හරන ආලේපය සැමදා හෝ සතියකට දින කිහිපයක් භාවිත කළ හැකියි. දින කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට දහදිය දුගඳින් සම්පුර්ණයෙන්ම මිදිය හැකිය. මෙම දුගඳ හරන ආලේපන 100% ක් ස්වාභාවික ඖෂධ භාවිත කොට සාදා ගනු ලබයි. එම නිසා මිනිස් ශරීරයට අහිත කර බලපෑම් ඇති නොකරනු ලබයි.

ඛෙලි මල් නිතර නිතර පානය කළ හැකි නම් එමගින්ද දහදිය දුගඳ නැති වී යයි. විශේෂයෙන්ම තම පෞද්ගලික පිරිසුදු බව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීම මෙහිදී වඩා වැදගත් වෙයි

උපුටා ගැනීමකි වීඩියෝව බලන්න....>>

http://raterahas.blogspot.com/2016/10/how-to-stop-underarm-odor.html

0 comments:

Post a Comment