Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Monday, October 10, 2016

මොකක්‌ද මේ පිළිකාව ? සනීප කරන්නේ කොහොමද?

පිළිකාවක්‌ පටන් ගන්නේ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නැතිවයි. රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නට පටන් ගන්නේ පිළිකාව වර්ධනය වීමත් සමඟය. උදාහරණයක්‌ ගනිමු. කිසියම් කෙනකුගේ බඩවැලේ පිළිකාවක්‌ වර්ධනය වෙමින් තිඛෙනවා. තව ඔහුගේ ශරීරයේ මතුපිට කුඩා ගෙඩි හට ගන්නවා. මේවා පැසවනවා. එවිට බොහෝ දෙනා කරන්නේ ඒ ගෙඩි වණවලට ඛෙහෙත් අරගෙන කාරණය අවසන් කරන්නට උත්සාහ කිරීමයි. එහෙත් මෙවැනි තුවාල පරීක්‍ෂා කරන පළපුරුදු සිංහල වෛද්‍යවරයකුට රෝගය හඳුනා ගැනීමට පුළුවන්.

වෛද්‍ය වික්‍රමාරච්චි - ශරීරයේ සෛල එකක්‌ හෝ කිහිපයක්‌ අසම්මත ලෙස හැසිරීම හේතුවෙන් හට ගන්නා බෝ නොවන රෝගයක්‌ වන පිළිකාව එය පවතින තැන සිට ශරීරයේ වෙනත් අභ්‍යන්තර හෝ බාහිර ප්‍රදේශ කරා පැතිර ගොස්‌ රෝගියාට මරු කැඳවන රෝගයක්‌. ඔබේ ශරීරයේ තිඛෙන එක්‌ කුඩා සෛලයක්‌ කිසියම් හේතුවක්‌ නිසා අනෙක්‌ සෛල පරයා යමින් වර්ධනය වීමට පටන් ගන්නවා යෑයි සිතන්න. කල් යද්දී මෙය විශාල වෙනවා. එයට වෙනම රුධිර සැපයුමක්‌ ඇති වෙනවා. එය ශරීරය තුළ ශරීරය සමඟ එහෙත් වෙනම කොටසක්‌ ලෙස හැදෙන්නට වැඩෙන්නට පටන් ගන්නවා  අනෙක්‌ සෛල වසාගෙන පැතිරෙන්නට පටන් ගන්නවා. කල් යන විට යම් යම් හේතු මත එය ආසාදනය වෙනවා. ඉන්පසු එයින් රුධිරය සහ සැරව පිට වෙනවා. මෙය හැදෙන්නේ ශරීරයට ලැඛෙන සියලූ‍ පෝෂ්‍ය කොටස්‌ එයටත් උරා ගනිමිනි· උදාහරණයක්‌ වශයෙන් අපි බත් වේලක්‌ කෑවම එහි වැඩි කොටස යන්නේ පිළිකාව වර්ධනය වීම පි‚සයි. මෙවැනි සෛල වර්ධනයක්‌ මුල් කාලයේදී හඳුන්වන්නේ ඔමපදර ලෙසයි. සිංහල වෙදකමේ එයට කියන නම අර්බුදය ය යන්නයි. එහෙම නැත්නම් ගෙඩිය කියලත් කියනවා. පිළිකාවක්‌ බවට පත්විය හැකි අර්බුදයක්‌ එහෙමත් නැත්නම් ගෙඩියක්‌ තුළ පහත සඳහන් ලක්‌ෂණ අඩංගු වෙනවා. එනම්,

1. අර්බුදය මත දිගින් දිගටම සෛල හට ගැනීම සහ එම සෛල ඛෙදී ගොස්‌ අර්බුදය තවදුරටත් පුළුල් වීම. (මෙහිදී සෛල ඛෙදීම සිදුවන්නේ ඒක සෛලීය ජීවියකු වන ඇමීබාවකු ඛෙදී යමින් තව තවත් ඇමීබාවන් හට ගන්නා ආකාරයි.)

2. අර්බුදයේ සෛල වර්ධනය සහ ඛෙදී යැමට සාමාන්‍ය ඖෂධ මගින් බාධා සිදු කරන අවස්‌ථාවලදීත් සෛල වර්ධනය සහ ඛෙදීයැම.

3. මනුෂ්‍ය ශරීරයේ පවතින පිළිකා සෛල නොවන සාමාන්‍ය නිරෝගී සෛල නිශ්චිත කාලයකදී මිය යන අතර අර්බුදයක්‌ මත තිඛෙන සෛල එසේ මිය යන්නේ නැහැ.

4. අර්බුදය මත තිඛෙන සෛල කිසිදු සීමාවකින් තොරව දිගින් දිගටම ඛෙදී යැම.

5. අර්බුදය තුළට රුධිරය සැපයෙන නාළ හට ගැනීම සහ එමගින් අර්බුදය තවදුරටත් වර්ධනය වීම.

6. අර්බුදය තුළ සහ අවට ප්‍රදේශවල තිඛෙන පටක විනාශ වීම සහ ඒ තැන්වල වණ හට ගැනීම.

ප්‍රශ්නය - පිළිකාවක්‌ හට ගෙන ඇති බව අප දැන ගන්නේ කොහොමද? එයට අදාළ රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - පිළිකාවක්‌ පටන් ගන්නේ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නැතිවයි. රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නට පටන් ගන්නේ පිළිකාව වර්ධනය වීමත් සමඟය. උදාහරණයක්‌ ගනිමු. කිසියම් කෙනකුගේ බඩවැලේ පිළිකාවක්‌ වර්ධනය වෙමින් තිඛෙනවා. තව ඔහුගේ ශරීරයේ මතුපිට කුඩා ගෙඩි හට ගන්නවා. මේවා පැසවනවා. එවිට බොහෝ දෙනා කරන්නේ ඒ ගෙඩි වණවලට ඛෙහෙත් අරගෙන කාරණය අවසන් කරන්නට උත්සාහ කිරීමයි. එහෙත් මෙවැනි තුවාල පරීක්‍ෂා කරන පළපුරුදු සිංහල වෛද්‍යවරයකුට රෝගය හඳුනා ගැනීමට පුළුවන්. පිට දමා තිඛෙන ගෙඩි වර්ගය බොරු වේෂයක්‌ මවාගත් තුවාල විශේෂයක්‌ බවත් ඊට යටින් පිළිකාවක්‌ හට ගනිමින් තිඛෙන බවත්, ඒ පිළිකාව තිඛෙන්නේ කොතැනද කියන එකත් හඳුනා ගන්නට සිංහල වෙදකමට පුළුවන්.

මේ අතර තවත් රෝග ලක්‍ෂණ වර්ගයක්‌ තිඛෙනවා. පිළිකාව පවතින තැනට ආසන්නව මේ රෝග ලකුණ නිකුත් වීම සිදු වෙනවා. එයට උදාහරණයක්‌ තමයි පෙණහලූ‍ පිළිකාවක්‌ තිඛෙන කෙනකුගේ ශ්වාසනාලය බාධා වීම. මෙවිට දිගින් දිගටම පවතින කැස්‌ස හෝ නියුමෝනියාව හට ගන්නවා. ගලනාලය වැනි තැනක පිළිකාවක්‌ හට ගත් විට ආහාර ගිලීම අපහසු වෙනවා. ආහාර ගිලින විට වේදනාවක්‌ හට ගන්නවා. බඩවැල්වල පිළිකාවක්‌ හටගත් විට බඩවැල් අවහිරතා ඇතිවී බඩවැල්වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අවුල් වෙනවා.

ප්‍රශ්නය - තවත් රෝග ලක්‍ෂණ ගැන ලබන සතියේ කතා කරමු. එතෙක්‌ අපට කියන්න පිළිකා සනීප කරන්න පුළුවන්ද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. ස්‌ථීර වශයෙන්ම පුළුවන්. පිළිකා සෛල ශරීරයෙන් ඉවත් වුණාම පිළිකා නැති වෙනවා. පිළිකා සෛල ඉවත් කරන හැටි සිංහල වෙදකමේ තිඛෙනවා. තෙල් වර්ග සහ කසාය මගින් එය කළ හැකියි.

උපුටා ගැනීමකි.

0 comments:

Post a Comment